downbanner720
The New Mutants (2020) Sinhala Subtitles

The New Mutants (2020) Sinhala Subtitles | අඳුරු බලවේග වලට එරෙහිව සටන් වදිනා යොවුන් විපරිතයන් [සිංහල උපසිරැසි සමඟ]

Quality: Year: Duration: 94 MinView: 5,348 views
7304 votes, average 5.6 out of 10

දැනට නිකුත් වී තිබෙන X-men චිත්‍රපට මාලා ටික මෙලෙසයි,

  1. X-men – ජූලි 14, 2000
  2. X2 – මැයි 2, 2003
  3. X-men: The Last Stand – මැයි 26, 2006
  4. X-men Origins: Wolverine – මැයි 1, 2009
  5. X-men: First Class – ජුනි 3, 2011
  6. The Wolverine – ජූලි 26, 2013
  7. X-men: Days of Future Past – මැයි 23, 2014
  8. Deadpool – පෙබරවාරි 12, 2016
  9. X-Men: Apocalypse – මැයි 27, 2016
  10. Logan – මාර්තු 3, 2017
  11. Deadpool 2 – මැයි 18, 2018
  12. Dark Phoenix – ජුනි 7, 2019
  13. The New Mutants – අගෝස්තු 28, 2020

   මෙන්න The New Mutants චිත්‍රපටියේ වීරයින් 5 දෙනාගේ බලයන් ටික,

  1. රේසි සින්ක්ලෙයාර් ලෙස මයිසි විලියම්ස්.
  • වෘකයෙකු බවට පත්විය හැකි ස්කොට්ලන්ත ජාතික විපරිතයෙකි. මැයගේ ආගමට ඇති ඇල්ම හේතුවෙන් තමන්ගේ මෙම බලය යටහත් පහත් කරගෙන සිටීමට ඇය නිතර උත්සහා දරයි.
  1. ඉලියානා රස්පුටින් ලෙස ආන්‍යා ටේලර් ජෝයි.
  • මන්තර ගුරුකම් සහිත බලයක් තිබෙනා රුසියානු ජාතික විපරිතයෙකි. මැයට ගමන් කිරීමට ටෙලිපෝටේෂන් තැටි භාවිතා කළ හැකිය. ඉලියානා යනු කොලොසස්ගේ සහෝදරිය වන අතර කොලොසස් යනු මීට පෙර X-men චිත්‍රපටවල සිට තිබෙන X-men හී සමාජිකයෙකි. මේ අතරම ඉලියානාට දම් පැහැති කුඩා මකර සගයෙකුද සිටී.
  1. සැමුවෙල් ”සෑම්”ගුත්‍රි ලෙස චාලි හීටන්.
  • ගුවනේ පාවෙමින් කිසිඳු හානියකින් තොරව ගමන් කළහැකි ඇමරිකානු ජාතික විපරිතයෙකි.
  1. ඩැනියෙල් ”ඩැනි” මූන්ස්ටාර් ලෙස බ්ලූ හන්ට්.
  • අන් අයගේ බිය හා ආශාවන් මත පදනම්ව මිත්‍යාවන් නිර්මාණය කළ හැකි ස්වදේශික ඇමරිකානු ජාතික විපරිතයෙක්. විපරිතයන්ගෙන් අතිශය භයානකතම වෙන්නේ මැයයි.
  1. රොබර්ටෝ ”බෝබී” ඩා කොස්ටා ලෙස හෙන්රි සාගා.
  • සූර්ය ශක්තිය හැසිරවිය හැකි බ්‍රසීල ජාතික විපරිතයෙක්.

විශේෂයෙන්ම පුංචි මතක් කිරීමක් හැමෝටම කරන්න ඕනේ මේ චිත්‍රපටියට මම උපසි‍රැසි දීලා තියන පිටපත ගැන, HD කැමරා පිටපතකට තමයි උපසි‍රැසි කරලා තියෙන්නේ. බොහොම අසීරුවෙන් තමයි මේකට උපසි‍රැසි කරන්න වුනේ. මොකද මේකේ තිබුන ඉංග්‍රීසි උපසි‍රැසිය වෙනත් භාෂාවක උපසි‍රැසියක් අරන් වෙබ් අඩවියකින් පරිවර්තනය කරපු එකක් තිබුනේ, මේ නිසා චිත්‍රපටියේ කතා කරන වචන නෙමෙයි යන්නේ වෙන ඒවා. ඉතින් චිත්‍රපටියේ හඬට අනූව හොඳින් සවන් දීලා තමයි 90%ක් නිවැරදිම අර්ථයන් යොදලා මම මේකට උපසි‍රැසි කරලා තියෙන්නේ. මේ නිසා බලන අයට කිසිම අපහසුතාවයක් නොවේවී කියලා මම හිතනවා.

මේ උපසි‍රැසිය මඟ බලාගෙන ඉන්නම බැරි හදිසි අයටයි. මේකේ හොඳ පිටපත් නිකුත් වුන ගමන් 100%ක් නිවැරදිම අර්ථයන් එක්ක ඉක්මනින්ම යාවත්කාලීන කීරිම් ලබා දෙන්නම්.

Produced by Simon Kinberg
Karen Rosenfelt
Lauren Shuler Donner
Written by Josh Boone
Knate Lee
Music by Nate Walcott
Mike Mogis
Production companies 20th Century Fox
Marvel Entertainment
Genre Films
Sunswept Entertainment
TSG Entertainment
Edited by Robb Sullivan
Distributor 20th Century Fox
UDshehan පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “UDshehan”

ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද? මෙතනින් බලන්න
ඩවුන්ලෝඩ් ලින්ක් වැඩ කරන්නේ නැතිනම් කමෙන්ට් එකක් මගින් දැනුම් දෙන්න.

1 thoughts on “The New Mutants (2020) Sinhala Subtitles | අඳුරු බලවේග වලට එරෙහිව සටන් වදිනා යොවුන් විපරිතයන් [සිංහල උපසිරැසි සමඟ]”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *