මේ ෆිල්ම් එක ටිකක් වෙනස් විදිහේ කතාවක්, අපට අදහාගන්නත් බැ කියන තැන තියන කතාවක් තමයි මේක. අභිරාම් කියන්නේ මේ ෆිල්ම් එකේ කතා නායකයා, ඉතින් මේ අහිරාම් කරන්නේ කියන්නේ වෙනස් වෙනස් දෙවල් ඒ කියන්නේ කියන්නේ එකක් කරන්නෙ තවත් එකක්.ඉතින් මේ ප්රශ්නේ එයගේ අම්මාටයි, තාත්තාටයි ගැටලුවක් උනා නිසා අම්මයි තාත්තයි අභිව ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් ගියා. ඒ වෙලාවේ තමයි ඒ ගොල්ලොන්ට ඇස් උඩ යන කතාවක් අහන්න වුණේ. අභිරාම් එක්කෙනෙක් වුණාට ඔහු නිවුන් සහොදරයෝ බව. හැබැයි ඒ ශරීර වලින් නම් නෙවෙයි, ඔහුට මොල දෙකක් තියනවා කියලා තමයි ඩොක්ටර් කියන්නේ.
ඉතින් මේ දෙබඩි මොලයා ඉස්සරහට මොන විදිහට ජිවත් වෙයිද? අමුතුම විදිහේ කතාවක් අමුතුම විදිහට ගලාගෙන යනවා. රාම් අභී (Aadi) කියන්නෙ සහෝදරයන් දෙන්නෙක්. ඇත්තටම මේ දෙන්න දෙන්නෙක්ම නෙවෙයි එක්කෙනෙක්. ඒ කොහොමද වෙන්නෙ කියලා බලනවද… මොකද මේ දෙන්නම එක්කෙනෙක් උනාට මොල දෙකක් තියෙනවා.
ඉතින් මේ දෙන්නාගේ ජීවිතේ කොහොමද වෙන්නෙ කියලා චිත්රපටිය අරගෙනම බලන්නකෝ. රාම් කියන්නේ තනිකඩ ජීවිතයක් ගත කරන්න හිතාගෙන ඉන්න ආගමට දහමට ලැදි කෙනෙක්. අභී කියන්නෙ සෙල්ලක්කාර කොල්ලෙක්,ඉතින් අභී කෙල්ලෙක්ට ආදරේ කරන්න පටන් ගන්නව එයා තමයි හැපී (Mishti) ඉතින් ඒකට රාම් මොනා කරයිද. මොකද මේ දෙන්න දෙන්නෙක් උනාට තියෙන්නෙ එකම ඇගක්නේ. ඉතින් ෆිල්ම් එක බලන්න කියලා ආරාදනා කරනවා.